අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (19) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුයම නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු පැමිණ නිවසේ කවුළුවකින් පුද්ගලයෙකු පිළිබඳව සොයා බලා ඇති බව පොලිසිය පවසනවා.
එහිදී නිවසේ සිටි මරණකරුගේ මිණිබිරිය අධ්‍යාපන කටයුතුවල යෙදී සිට ඇති අතර දැරිය විසින් මෙම පිරිස දැක කෑ ගැසීමත් සමඟ අදාළ නාඳුනන පුද්ගලයින්ගේ ඉලක්කය වූ තැනැත්තා පිටතට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඔහුට මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙක්.