මීගමුව, කල්පිටිය ආශ්රිත බටහිර වෙරළ තීරයට තෙල් සහ තාර වැනි ද්‍රව්‍යක් ගොඩගසමින් තිබෙන බව ධීවරයින් පවසනවා.
විටින් විට මෙම අපද්‍රව්‍ය අඩු වැඩි වෙමින් වෙරළට ගොඩගසන බවයි ධීවරයින් පවසන්නේ.
ඇලෙනසුලු තත්ත්වයක පවතින මෙම ද්‍රව්‍ය මුහුදට එකතු වී ඇත්තේ කෙසේද යන්න පිළිබදව මෙතෙක් අනාවරණය වී නැහැ.
අදාළ සැකකටයුතු ද්‍රව්‍යවල සාම්පල පරික්ෂා කිරීම සඳහා රසායනාගාරවලට යොමුකර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.