බලය බෙදීම ගැන රනිල් මෝදිට දන්වයි

Share

ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය, තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ තම කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් ඉන්දියාවේදී තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්ව වූ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා වැඩි දියුණු කරන අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම අවධාරණය කර ඇති අතර එය දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික බැඳීම ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වීමට හේතු වනු ඇති බවද පවසා තිබෙනවා.

Read more

Local News