බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර් හි ජනාධිපතිවරයාව එරට ආරක්ෂක හමුදාවන් විසින් රඳවා තබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නයිජර්හි පාලන බලය හමුදාව යටතට ගෙන තිබෙන අතර එරට රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ආරක්ෂක අංශ මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.