මතුවෙන්න – විඳගන්න – රුවිතේ

Share

ජය ශ්‍රී අයියා මලෝ අලුත් වැඩකට සෙට් වෙලා කියන ආරංචිය පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල කතාබහට ලක්වුණා.

මේ දෙන්නා මගඩි වැඩක් කරනවද, නැත්නම්, ජය ශ්‍රී ලා අලුත් බිස්නස් එකකට අතගහල ද කියන කතාව මේ සමග මතුවුණා.

මේක ගැන එක එක කතා මතුවුණු නිසාම ‍ඒ ගැන පැහැදිලි කිරීමක් ඊයේ (24) දිනයේදී එෆ්බී ලයිව් ආව ජය ශ්‍රී කළා.

‘සෑහෙන හාහෝවක් යනවා. ජය ශ්‍රී කියනවා. රුවිතේ කියනවා. මතුවෙන්න කියනවා. බඩු හොඳයි කියනවා. සැරයි කියනවා. ඇත්තටම අපිට කියන්න ඕන, ඕගොල්ලන්ට ගෙස් කරන්න මං දුන්නේ.

මේක සිංදුවක් ද, නැත්නම් ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද, ජය ශ්‍රීලගේ වෙනම දෙයක් ද, ඔන්න ඔහොම කියලා.

ඉතිං කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව රුවිතේ. මතුවෙන්න, මතුවෙන්න කියන්නේ. ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම් ඒ ටැලන්ට්ස් ඔපදාගෙන මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.

මේ ගැන ජය ශ්‍රී ලා පැහැදිලි කළේ ඔන්න ‍ඔහොමයි.

ජය ශ්‍රී ගයන රුවිතේ ගීතය ‍මේ සිකුරාදා හවස 5 ට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් රිලීස් වෙනවා.

ජය ශ්‍රී ලට ආදරය කරන රසිකයින්ට ඔවුන් කියන්නේ,
‘දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු ලස්සන සිංදුවක්. අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක් ආදරෙන් අපේ අනික් සිංදු වගේ මේක වැළඳගනියි කියලා.. යන්නයි.

Read more

Local News