පේරාදෙණිය පොලිස් වසමේ බිම්මල් කැලේ වන රක්ෂිතයේ ඊයේ (30) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
පේරාදෙණිය පොලීසියට ලද පණිවිඩයක් මත වහා ක්රියාත්මක වූ පොලීසිය, වන ජීවී නිලධාරීන්, ආපදා කළමනාකරණ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් වන රක්ෂිතයේ අක්කර 35 ක පමණ භූමි ප්රමාණයක් විනාශ වී ඇති අතර ජීවිත හා වෙනත් දේපල හානි කිසිවක් නොමැති බවයි පේරාදෙණිය පොලිසිය වැඩිදුර සඳහන් කළේ.