පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් විසින් සිදු කරන ලද යහපත් ක්‍රියාවන් අගයමින් ඔවුනට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම අද (31) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
- වසරේ දඹුල්ල දෙස සිට කුරුණෑගලට ලොරි රථයකින් ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් විසින් නිලධාරීන් වෙත ලබා දීමට උත්සාහ කළ රු.100,000/= ක අල්ලස් මුදලක් ප්‍රතික්ෂේප කර නිසි පරිදි රාජකාරී ඉටු කළ දොරටියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුට ද මෙහිදී ත්‍යාග පිරිනැමුණා.
එමෙන්ම 2023 වසරේ දීම දිවුලපිටිය පොලිස් වසමේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවෙකුව මග හරස්කර අල්ලා පොලිස් නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුට ද මෙම අවස්ථාවේ ත්‍යාග හා ප්‍රශංසා පිරිනමා තිබෙනවා.