බ්‍රිතාන්‍යය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ ගුවන් හමුදාධිපති අතර හමුවක්

Share

බ්‍රිතාන්‍යය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් (Colonel Darren Woods) හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුව තිබෙනවා.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ බ්‍රිතාන්‍යය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සාකච්ජාවක නිරතවූ අතර එහිදි දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කරගැනිම හා දෙරටේ හමුදා අතර පුහුණු අවස්ථාවන් ඇති කිරිම පිළිබද ප්‍රධාන වශයෙන් අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශ්වය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කර ගෙන තිබුණා.

Read more

Local News