තිරිංග අක්‍රීය වීමෙන් තවත් අනතුරක් – එක් අයෙක් මරුට

Share

වරකාපොළ පොලිස් වසමේ නාපේ – කුරුපට්ටිය මාර්ගයේ කොරසගොල්ල ප්‍රදේශයේ දී ටිපර් රථයක් තිරිංග අක්‍රිය වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන රබර් ගස් කිහිපයක ගැටී පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ටිපර් රථයේ පසුපස ගමන් කළ පුද්ගලයෙකු ටිපර් රථයෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එසේම රියදුරු හා තවත් පුද්ගලයෙකු තුවාල ලබා කෑගල්ල හා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35 ක් වන නෙළුම්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News