පාර්ලිමේන්තුව අද (8) සිට 11 වැනිදා දක්වා රැස්වනවා.
එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු ජූලි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා.
මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර අද පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2023 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.