මහඔය පොලිස් වසමේ නේමිගේ වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටි පිරිසක් අතරින් සිසුවෙක් ඊයේ (07) දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මහවැල් ගම්මානය, පොල්ලේ බැද්ද ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
මියගිය සිසුවා තවත් කිහිපදෙනෙකු සමග නේමිගේ වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර, එක් අයෙකු දියේ ගිලෙමින් සිටිනු දැක මරණකරු විසින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී දියේ ගිලී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.