දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්රතිසංස්රණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් සමග ඊයේ (08) පැවති හමුවකදී ඔහු මේ අදහස් පළ කර තිබෙනවා.
උසස් පෙළ සඳහා කලා විෂයන් හදාරන සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වෙනත් විෂයයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එමගින් 2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අවශ්‍ය අනාගත පරපුර නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.