අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා ඉදිරිපත්ව ඇති මිලියන 1.02 පමණ වන අභියාචනා සහ එක් ලක්ෂ විසි හතර දහසක් පමණ වන විරෝධතා සමාලෝචනය කිරීම අගෝස්තු මස අවසන් වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ, එම සමාලෝචන අවසන් වන විට ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව මිලියන 02 සම්පුර්ණ කරනු ඇති බවයි.
අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසුවා.