ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයන ආදායමේ ඉහළ වර්ධනයක්

Share

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති ආර්ථික තොරතුරු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා ලොව පුරා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ මුහුදු ආහාර අපනයන ආදායමේ ඉහළ වර්ධනයක් අත් කර ගැනීමට හැකි වී ඇති බවට අනාවරණය වේ.

යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය අපනයන තහනම රජයේ මැදිහත් වීම මත ඉවත් වීමත් සමඟ මුහුදු ආහාර සඳහා තිබෙන ඉල්ලුම ඉහළ ගොස් ඇත. ඒ සමගම ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයනය 2017 වසරේ ගත වූ මාස 06 තුළ සියයට 40ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Read more

Local News