මාන්කුලම පොලිස් වසමේ ඒ09 ප්රධාන මාර්ගයේ අද (15) පනිච්චන්කුලම ප්රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.
කොළඹ දෙස සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවට නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඇති අතර එම ලොරි රථය ඉදිරියෙන් තිබූ තවත් ලොරි රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
පිටුපස ලොරියේ රියදුරු රථයෙන් බැස සිට ඇති අතර ලොරි රථ දෙකට සිරවී බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි. එම ලොරි රථයේ පිටුපස සිටි පුද්ගලයෙකු හා වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමේ දී තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවද වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු හා ලොරි රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ද ලොරි රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුලත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයින් අවුරුදු 38, 46 හා 58 වයස්වල පසු වූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය ප්රදේශවල පදිංචිකරුවන්.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.