නීති විරෝධී රැකියා ඒජන්සියක් වටලයි

Share

ගුවන් ටිකට්පත් මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා තිබෙනවා.

පොළොන්නරුව, රෝහල හන්දිය ප්‍රදේශයේ මෙම ආයතනය පවත්වා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ ගමන් බලපත්‍ර 3ක්, ජීව දත්ත පත්‍රිකා 4ක්, කටාර් රාජ්‍යයේ රැකියා වීසා ලබාගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට අදාල අයදුම්පත් 3ක්ද එම ස්ථානයේ තිබී විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

Read more

Local News