උඩ පේරාදෙණිය රක්ෂිතයේ හදිසි ගින්නක්

උඩ පේරාදෙණිය ප්‍රදේශයේ රක්ෂිතයක ඊයේ (28) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

එහිදී පොලීසිය සහ මහනුවර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්වයි ගින්න මැඩපවත්වා තිබුණේ.

ගින්න හේතුවෙන් අක්කර භාගයක පමණ කැලෑ ප්‍රදේශයක් ගිනි ගෙන ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි පොලිසිය සඳහන් කළේ.

Previous articleහෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
Next articleසොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට