හෙරොයින් සමඟ සැකකාරියන් 2ක් අත්අඩංගුවට

Share

පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත බස් නැවතුම්පොල අසල දී සිදුකළ වැටලීමක් අතරතුර හෙරොයින් ග්‍රෑම් 13ක් සහ හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 50ක් සමඟ සැකකාරියන් දෙදෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 27 හා 30 වයස්වල පසුවන දේවාලේගම ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News