කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ අනතුරක් – එක් අයෙක් මරුට

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ දී නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 42 ක් වූ පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Previous articleහෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට
Next articleසොරකම් කළ දේපල සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට