මංගල උත්සවයක වෙඩි තැබීමකින් ජීවිත 2ක් අහිමි වෙයි

Share

කැනඩාවේ Ottawa ප්‍රදේශයේ මංගල උත්සවයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 2 කු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26 සහ 29 ක් වන පුද්ගලයන් දෙදෙනෙක්.

එම මංගල උත්සවය පැවැත් වූ ස්ථානයේ වාහන නැවතුම්පල තුළයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

තුවාල ලැබූවන් අතර අමෙරිකානුවන් ද සිටින බවයි පොලිසිය පවසන්නේ.

Read more

Local News