කළුතර කොළඹ මාර්ගයේ අනතුරක් – එක් අයෙක් මරුට

Share

කළුතර කොළඹ මාර්ගයේ වාඩියමංකඩ හන්දිය අසල දී ඊයේ (04) කොළඹ දෙස සිට කළුතර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එහි වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයේ දකුණු දෙසට ඇදී ගොස් කළුතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වු බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක් වූ අයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News