හදිසි ගින්නකින් අක්කර 03 ක කැලෑ ප්‍රදේශයක් විනාශ වෙයි

උප්පුවේලි පොලිස් වසමේ වරෝධයනගර් පාසල ඉදිරිපිට කලපුව ප්‍රදේශයේ හදිසි ගින්නක් ඊයේ (05) හටගෙන තිබෙනවා.

එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ ත්‍රිකුණාමලය ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් අක්කර 03 ක පමණ කැලෑ ප්‍රදේශයක් ගිනි ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.

Previous articleඅවාසනාවන්ත අනතුරක් – පාසල් සිසුවෙක් මරුට
Next articleපදික මාරුවක අනතුරක් – එක් අයෙක් මරුට