ගුවන් හමුදාධිපතිට ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයෙන් උපහාර

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපතිතුමන් ලෙස පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ හට උපහාර පිදීමේ උත්සවයක් එතුමා ප්‍රාථමික අධ්‍යාපනය ලැබු ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයේ දී පවත්වා තිබෙනවා.

ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයෙන් බිහිවූ පලමු ගුවන් හමුදාධිපතිතුමන් ලෙස එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ විද්‍යාලීය ඉතිහාසයට එක්වුණා.

පරාක්‍රම මහා විද්‍යාලයට පැමිණි ගුවන් හමුදාධිපතිතුමන් පරාක්‍රම මහා විද්‍යාලීය විදුහල්පතිතුමන් විසින් පිලිගැනිමෙන් අනතුරුව විද්‍යාලීය බාලදක්ෂයින්ගේ ආචාරයෙන් අනතුරුව ශිෂ්‍ය භට බලකා කණ්ඩායම විසින් උත්තමාචාර පෙළපාලියක් පවත්වා තිබුණා.

අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අමතමින් තමන් පාසල් කාළය තුලදි ක්‍රියා කරනු ලැබු ආකාරය පිළිබදවත් අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා දායක වෙමින් ලබාගත් අත්දැකිම් තුලින් මෙවැනි සාර්ථක ගමනක් කරා පැමිණිමට තමන් හට හැකි වු බව ප්‍රකාශ කරනු ලැබු අතර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපන කටයුතු සදහා මෙන්ම ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා දායක්වය ලබා දිමට කටයුතු කරමින් තම ජීවිත සාර්ථක කරගැනිමට අදිටන් කර ගන්නා ලෙස ප්‍රකාශ කර සිටියා.

Previous articleපදික මාරුවක අනතුරක් – එක් අයෙක් මරුට
Next articleමරණයෙන් කෙළවර වූ ප්‍රේම සම්බන්ධය