වාග්නර් කුලී හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යය නිල වශයෙන් නම් කරයි(VIDEO)

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 556 යි.

දෙරට අතර ඇති යුධ ගැටුම සම්බන්ධයෙන් යුධ විශ්ලේෂකයින් විවිධ මත පල කරමින් සිටිනවා.ඔවුන් පවසන්නේ භුමිය සඳහා ආයුධ සන්නද්ධව ආරම්භ වූ මෙම යුධ ගැටුම සැබෑවටම යුක්‍රේනයේ අවශ්‍යතාව මත සිදුවන්නේ නැති බවයි. සැබවින්ම මෙය බටහිර හා රුසියාව අතර වන ගැටුමක් ලෙසයි ඔවුන් හඳුන්වන්නේ.

මෙම යුධ ගැටුම 2025 වසර දක්වා පවතිනු ඇති බවයි යුධ විශ්ලේෂකයින් පවසන්නේ. ඊට හේතු වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ බටහිර රටවල් රුසියාව සහ යුක්‍රේනය සාම සාකච්ඡා සඳහා නැඹුරු කරන්නේ නැතිව යුක්‍රේනයට තව තවත් නවීන යුධ උපකරණ ලබාදීමයි.

මේ අතර රුසියානු කුලී හේවා කණ්ඩායමක් ලෙස කටයුතු කරන වාග්නර් කණ්ඩායම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News