ඕමාන් රාජකීය පොලිසියට පැමිණිලි කිරීමට අවස්ථාවක්

Share

සංචාරක වීසා මගින් පුද්ගලයින් රැකියා සදහා ඕමාන් රාජ්‍යයට ගොස් එහිදී විවිධ හිරිහැරයන්ට ලක්වූ සිදුවීම් පසුගිය සමයේදී වාර්තා වූ අතර, එය අවම කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයත් ඕමාන් රජයත් එක්ව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

එහි එක් පියවරක් වශයෙන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඕමාන් රාජ්‍යයේ ගැටළුකාරී තත්ත්වයකට පත්ව සිටින තැනැත්තන්ට සිය පැමිණිලි ඕමාන් රාජකීය පොලිසියට සෘජුව ඉදිරිපත් කිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දීමට ඕමාන් රජය කටයුතු කර තිබෙනවා.

ඕමාන් රාජකීය පොලිසියේ ඕමානයේ මිනිස් ජාවාරමට එරෙහි ජාතික කමිටුව ( National Committee to Combat Human Trafficking – NCCHT) විසින් මෙම පැමිණිලි භාරගැනීම සිදුකරන අතර, ඔවුන්ගේ www.nccht.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +968 80077444 දරණ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ගාස්තු රහිත ඇමතුම් ලබාගැනීමෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News