හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ වනවිට 3000 ක පමණ හෙද පුරප්පාඩු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින අතර ඒ අනුව අනෙකුත් අවශ්‍ය බඳවාගැනීම්ද කඩිනමින් සිදු කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව අමාත්‍යවරයා පවසනවා.
මෙලෙස පළමු වටයේදී බඳවා ගැනෙන පිරිසට අමතරව අනෙකුත් පුරප්පාඩු සඳහා ද සිදු කිරීමට නියමිත බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි අදාළ බඳවාගැනීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.