ලිබියාවේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 5300 දක්වා ඉහළට

Share

ලිබියාවේ ඩර්නා නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 5300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

එසේම ගංවතුරින් පුද්ගලයින් 30,000 කට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා.

තවත් පුද්ගලයින් 10,000 අතුරුදන්ව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

මේ වන විට ලිබියාවේ මෘත ශරීරාගාර හා රෝහල්වල ධාරිතාවය ද ඉක්මවා ගොස් මළ සිරුරුවලින් පිරී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මාර්ග දෙපස මළ සිරුරු බොහෝමයක් තබා ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Read more

Local News