ජපානයේ අයාසේ නගර සභා ක්‍රීඩාංගනයේ දී හෙට (16) ශ්‍රී ලංකා උත්සවයක් පැවැත්වෙනවා.
ජපානයේ ශ්‍රී ලාංකික වාහනකරුවන්ගේ සංගමයේ (Sri Lanka Automobiles Association of Japan – SLAAJ) සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම ශ්‍රී ලංකා උත්සවය ප්‍රදර්ශන රාශියකින් සමන්විත දෙදින පොළක් පැවැත්වීමට නියමිතයි.
ලාංකික කලාකරුවන් සහභාගී වන සංගීත ප්‍රසංගයක් හෙට (16) හවස 4ට අයාසේ සංස්කෘතික ශාලාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ සඳහා රනිල් මල්ලවආරච්චි, සනුක වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලාංකීය ගායක ගායිකාවන් රැසක් සහභාගි වීමට නියමිතයි.
ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය සියත මාධ්‍ය ජාලයයි.

