රුසියානු නැවකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

රුසියානු නෞකාවකට යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ කළු මුහුදේ දී යි.

එම ප්‍රහාරවලින් නෞකාවට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාව ක්‍රිමියාවට ඉහළ අහසේ වූ යුක්‍රේන ඩ්‍රෝන යානා 11ක් බිම හෙලූ බව එරට ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

මේ අතර රුසියාවට ක්‍රිමියානු පාලමට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.