හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මට්ටක්කුලිය පොලිස් වසමේ කැලණි ගඟ මෝල පාර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 130ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.