ලිබියාවට දරුණු ගංවතුර තත්ත්වයක් – 11,300ක් මරුට

Share

ලිබියාවට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 11,300 ක් පමණ වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකරණ කාර්යාලය පවසනවා.

අතුරුදන් වූ සංඛ්‍යාව 10,100ක් බවයි වාර්තා වන්නේ.

ලිබියාවට බලපෑ ගංවතුර තත්ත්වයෙන් සතියකට පසු ආධාර ලබාදීමේ කටයුතු වේගවත් කර තිබෙනවා.

දිවි ගලවා ගත් දස දහස් ගණනක් නිවාස නැතිව සිටින අතර ඔවුන්ට සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර, පානීය ජලය නවාතැන් ඇතුලු මුලික අවශ්‍යතා කඩිනමින් අත්‍යවශ්‍ය වන බවයි එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය පවසන්නේ.

Read more

Local News