ඕස්ට්‍රේලියාවේ ගෑස් සමාගම් දෙකේ වර්ජනය අවසන්

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෑස් සමාගම් දෙකක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

ගෝගන් සහ වීට්ස්ටන් යන බලශක්ති සමාගම් දෙකේ කම්කරුවනුයි එම වර්ජනයේ නිරත වුණේ.

වර්ජනය ආරම්භ කර තිබුණේ පසුගිය 8 වනදායි.

කම්කරුවන්ගේ වැටුප් සහ ඊට අදාළ කොන්දේසිවලට සාධාරණය ඉල්ලමිනුයි මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබුණේ.

Previous articleඅමෙරිකාවේ බස් රථ අනතුරකින් 2ක් මරුට(VIDEO)
Next articleජපානයේ බුලට් දුම්රියක් තුළ රෙස්ලිං තරඟයක්