පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

අඹතලේ ජල සැපයුමට අදාළ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු වන බවයි එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අද පස්වරු 06 සිට හෙට පෙරවරු 06 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

Previous articleඅද කාලගුණ අනාවැකිය
Next articleනිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ගෙන්වීමට පියවර