ට්‍රම්ප්ට එරෙහිව සිවිල් නඩුවක්

Share

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ බැංකු හා රක්ෂණ සමාගම්වලට සිදුකර ඇති වංචාවන් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

එහිදී නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු තීන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් ඔහුගේ ධනය ඩොලර් මිලියන ගණනින් පෙන්වමින් බැංකු හා රක්ෂණ සමාගම්වලට වංචාවක් සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ නීතිඥයන් මෙම නඩුව ඉවත දමන ලෙස ද ඉල්ලා තිබෙනවා.

එසේම ට්‍රම්ප් එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කර ඇති බව ද විදෙස් මධ්‍යයේ සඳහන්.

Read more

Local News