කොංගෝ හි පසුගියදා සිදු වූ බෝට්ටු අනතුරින් මියගිය සංඛ්‍යාව 52ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බෝට්ටුව පෙරළෙන විට පුද්ගලයින් 300 දෙනෙකුට අධික පිරිසක් එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් විශාල සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති නිසා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.