බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට

Share

මුල්ලියාවේලි පොලිස් වසමේ නීරාවිපිඩ්ඩි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි තම දියණියගේ ජංගම දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඇතිවූ සැකයක් මත දියණියගේ නිවසට ගොස් පරීක්ෂා කර බලා දියණිය නොසිටි බැවින් දියණියගේ මව මුල්ලියාවේලි පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පැමිණිලිකාරියගේ දියණිය ස්වාමි පුරුෂයා සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු සැමියා විසින් ඇය ඝාතනය කර ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මරණකාරිය වයස අවුරුදු 22 ක කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකල වයස අවුරුදු 23 ක්වූ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් වැල්ලම්පිටිය ප්‍රදේශයේ රැදී සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනය සිදුකර මියගිය කාන්තාව නිවසේ පිටුපස වළදමා ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

Read more

Local News