විශ්මිත ගුණ දෙන ඉඟුරු

Share

ලොව පුරා බොහෝ විට සෑම මුළුතැන්ගෙයකටම නැතිවම බැරි අංගයක් තමයි ඉඟුරු කියන්නේ. එය ZINGIBER OFFICINALE යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. ජින්ජර්රොල් ලෙස හැදින්වෙන බොහෝ රසායනික සංරචකයන්ද අඩංගු වන මෙය ආහාර රස කිරීමට මෙන්ම ඖෂධයක් විදිහටත් අතීතයේ සිටම භාවිතා කරනවා.

අපේ පැරැන්නන් කුඩා බිම් කඩවල්, පරණ හට්ටි – මුට්ටි වැනි දෑ යොදා ගනිමින් සීමිත ඉඩ ප්‍රමාණයන් තුළ ඉඟුරු වගා කරනු ලැබුවා. එමගින් අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී භාවිතයට ගැනීමට ඔවුන් පුරුදු වී සිටියා. එහිදී උණ, සෙම්ප්‍රතිශයාව ඇතුළු විවිධ රෝගාබාධයන්හිදී ඖෂධයක් විදිහටත් , ආහාර පිසින විට එහි ඇති වෙන ආසාත්මිකතාවයෙන් සමනය සඳහා වූ අත්බේතක් විදිහටත් ඉඟුරු ඉතා සුලබව යොදා ගැනුණා. ඒ හරහා දෛනික පදනම මත බොහෝ ආහාර වලට මෙන්ම හුදෙක් තේ වලට දමා පරිභෝජනය කිරීම සඳහාද කාලයත් සමඟ මිනිසුන් පුරුදු වුණා.

මෙලෙස දෛනික පරිභෝජනය සඳහා භාවිතා වන ඉඟුරුවල විශ්මිත ගුණ රාශියක් දැකගන්න පුළුවන්. ඉන් කිහිපයක් පහතින් විමසා බලමු.

  1. හෘද රෝග හා අංශභාගය ඇති වීම වළක්වයි
    හෘද රෝග සහ ආඝාතය වැළඳීමේ අවදානම අඩු කිරීමේ විශ්මිත ගුණයක් ඉඟුරුවල අඩංගු වෙනවා. එය ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් ද පිරිලා තිබෙනවා. එමනිසා දිනපතා ඉඟුරු පානය කිරීම තුළින් සෞඛ්‍ය මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට බොහෝ සෙයින් උපකාරී වෙනවා.

  1. පිළිකා වලින් ආරක්ෂා කරයි
    කාන්තාවන්ගේ ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන පිළිකා වැනි ජීවිතයට තර්ජනයක් එල්ල කරවන තත්වයන්ට පවා ප්‍රතිකාර කර ඒවා වළක්වා ගත හැකි ගුණයක් ඉඟුරු සතුව පවතිනවා. එබැවින් එය පිළිකා සෛල ඉවත් කර සෞඛ්‍ය සම්පන්න සෛල ලබා දෙනවා.

  1. බර අඩුකර ගැනීමට උදව් කරයි
    ඉඟුරු ආහාරයට එක්කර ගැනීමෙන් මේදය දහනය කර ශාරීරික යහපැවැත්ම වැඩි දියුණු කිරීමට උපකාර කරනව. ඒ නිසා, ඉඟුරු නිතිපතා පරිභෝජනය කිරීම සිරුරේ බර අඩු කිරීමට හා එම ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමට ද උදව් වෙනවා.

  1. ශ්වසන පද්ධතිය ඉහළ නංවයි
    ආහාර වේලට ඉඟුරු එකතු කිරීමෙන් තුළින් වසා නාලිකා විවෘත වී විෂ තරකිරීමට මග හරවා සෞඛ්‍ය සම්පන්න සිරුරක් ලබාදෙනවා. ඊට අමතරව, එය ආසාදන වළක්වා ශ්වසන පද්ධතිවල හුස්ම ඇති කිරීමටද උපකාර කරනවා.

  1. අම්ලපිත්තය නැති කරයි
    ඉඟුරු අම්ලපිත්තය නැති කිරීමට උදව් වන අතර ඉන් කිසිදු අහිතකර බලපෑමක් සිදු වන්නේ නැහැ.මෙම පිළියම ඔසු සැලකින් ගන්නා බෙහෙත් පෙත්තකට වඩා සිරුරට යහපත් වනවා. එමෙන්ම ඉඟුරු සතුව අම්ල උදාසීන කිරීමේ හැකියාව ද පවතිනවා.

මෙලෙස බොහෝ ගුණ ඇති ඉඟුරු ආහාරයට එක්කර ගැනීම තුලින් සෞඛ්‍ය සම්පන්න මනා සිරුරක් පවත්වාගෙන යාමට ඔබට හැකිවනු නොඅනුමානය.

Read more

Local News