සාර්ථක මෙහෙයුමකින් පසු ඉන්දියාවේ උත්තරාකාන්ද් හි උමං මාර්ගයක සිරවී සිටි 41 දෙනා නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.
ඉදිකරමින් පැවති මෙම උමං මාර්ගය හදිසියේ කඩා වැටීම නිසා සේවකයින් පිරිසක් ඒතුළ සිරවුණා.
දින 17ක් පුරා ඔවුන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ අතර ඉන්දීය ආරක්ෂක අංශ ඇතුලු මුදා ගැනීමේ කණ්ඩායම්වල දක්ෂතාවය මත ඔවුන් සියලුදෙනා ඊයේ රාත්‍රියේ නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකිවී තිබෙනවා.




