නයිජීරියාවේ ගුවන් ප්‍රාහරයක් – 85ක් මරුට

Share

වයඹ දිග නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තයේ ආගමික උත්සවයකට ගුවන් ප්‍රාහරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රාහාරයේන් සිවිල් වැසියන් 85 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එරට හමුදාව එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අත්වැරදිමක් නිසා එය සිදු වු බවයි එරට හමුදා බලධාරීන් පවසන්නේ.

අනතුරෙන් තවත් පුද්ගලයන් 60 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍යයේ සඳහන් වන්නේ.

Read more

Local News