දියේ ගිලී තවත් පුද්ගලයෙක් මරුට

Share

පොල්පිතිගම පොලිස් වසමේ මහවැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් සිටින බවට පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 62 ක් වූ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා කලක සිට මානසික රෝගයකින් හා අපස්මාර රෝගය සදහා ප්‍රතිකාර ලබාගත් පුද්ගලයෙකු බවත්, මොහු ප්‍රතිකාර ලබා ගැනීම සදහා තනිවම නිවසින් පිටව ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමේ දී මහවැවේ තිබී මෘත ශරීරය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News