වයඹ දිග චීනයේ ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තුවාල ලබා ඇති පිරිසද දහසකට අධික බවයි වාර්තා වන්නේ.
මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබෙනවා.
අවතැන්වූවන්ට උපකාර කිරීම වෙනුවෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බවයි එරට බලධාරීන් පවසන්නේ.