නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක්

Share

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සහ ඉදිරි දින දෙක තුලදී බලාපොරොත්තුවේ.

නැගෙනහිර පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ.

සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප. ව. 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම්සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

Read more

Local News