රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

නාරම්මල දෙස සිට අලව්ව දෙසට ධාවනය වු ලංගම බස් රථයක් නාරම්මල මාර්ගයෙන් ගිරිඋල්ල මාර්ගයට අවතීර්ණ වන තුමංහන්දියේදී මගී පුද්ගලයෙකු බස් රථයෙන් බැසීමට යාමේ දී මාර්ගය අයිනට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා අලව්ව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 23 ක් වු දම්පැලැස්ස, නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News