නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ට සිරඳඩුවම් නියම කෙරේ(VIDEO)

Share

නොබෙල් සාම ත්‍යාගලාභී බංග්ලාදේශයේ මුහම්මද්‍ යුනුස්ට එරට අධිකරණය සිර දඩුවම් නියම කර තිබෙනවා.

ඒ කම්කරු නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුට මාස 06 ක කාලයකට සිර දඩුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍යයේ සදහන්.

ඔහු 2006 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ග්‍රාමීන් බැංකුව ආරම්භ කිරීම, ක්ෂුද්‍ර ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පවල දී පුරෝගාමී මෙහෙවර අගයමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News