ඉරානයේ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට(VIDEO)

Share

ඉරානයේ ඊයේ සිදු වු පිපිරීම් දෙකෙන් මිය ගිය පුද්ගලයන් ගණන 100කට ආසන්න වී තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් 175කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

ඉරානයේ හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන කාසිම් සුලෙයිමානිව ඝාතනය කර සිව්වන සංවත්සරය සැමරීමට ඔහුගේ සොහොන අසල උත්සවයක් සංවිධානය කර තිබූ පසුබිමකයි මෙම ප්‍රහාරය එල්ල වී තිබුනේ.

එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි ඉරාන නායකයා පවසන්නේ.

එමෙන්ම මෙම ප්‍රහාරයට දරුණු ප්‍රතිචාර ලබා දෙන බවට ද ඔහු පොරොන්දු වී තිබෙනවා.

වසර 42 ඇතුළත ඉරානයේ සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය බවද විදෙස් මධ්‍යයේ සදහන්.

ප්‍රහාරය සම්බන්ධයෙන් IS සටන්කාමීන් ආතුළු පාර්ෂව කිහිපයක් පිළිබඳව සැක පළ කර තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාර ගෙන නැහැ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News