එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඒ පාසල් නිවාඩුවෙන් පසු පළමු දිනයේදී.
සිසුන් පස්දෙනෙකු සහ එක් පාසල් පරිපාලකයෙකුට වෙඩි වැදී තිබෙනවා.
ඔවුන්ගෙන් එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ .
එසේම තවත් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.
වෙඩි තැබීමට අදාළ සැකකරු ඩිලන් බට්ලර් නමැති 17 හැවිරිදි ශිෂ්‍යයෙකු බවයි බලධාරීන් පවසා ඇත්තේ.