ඉක්වදෝරයේ රූපවාහිනි නාලිකාවකට තුවක්කුකරුවන් පිරිසක් කඩා වදී

Share

ඉක්වදෝරයේ රූපවාහිනි වැඩසටහනක් සජීවී ලෙස විකාශය කරන අතරතුර තුවක්කුකරුවන් පිරිසක් මැදිරියට කඩා වැදී තිබෙනවා.

මුහුණු ආවරණය කරගත් පිරිසක් ඉක්වදෝරයේ ටී.සී.රූපවාහිනි නාලිකාවට කඩා වැදී මෙසේ තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙකු සමග පිටව ගිය ඔවුන්ව මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සදුදා සිට ඉක්වදෝරයේ දින 60 ක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ එරට මැර කල්ලියක් බන්ධනාගාරයෙන් පැන යාමත් සමඟයි.

Read more

Local News