ඇමසන් වනාන්තරයෙන් පෞරාණික නගරයක නටබුන් සොයා ගෙන තිබෙනවා.
දැවැන්ත වෘක්ෂලතාවලින් සැඟවී පැවති මෙය වසර 2500 කට පමණ පෙර ඉදිකර ඇති බවයි ප්‍රංශයේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කලේ.
ගිනි කන්දක් ආසන්නයේ පිහිටි මෙම ප්‍රදේශය වර්ග කිලෙමීටර් 300 ක් පමණ වනවා.
විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ ගුවන් යාන ලේසර් කිරණ මගින් සිදු කල සමීක්ෂණයනට අනුව මෙම නටබුන් සොයා ගැනීමට හැකි වූ බවයි.