ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසාහි 24,000ක් ජීවිතක්‍ෂයට

Share

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේ වන විට ගාසාහි සිටින පලස්තීනුවන් 24,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම තුවාල ලැබූවන් 65,500 කට අධිකයි.

ඔක්තෝම්බර් 07 වන දා සිට මේ දක්වා හමාස් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ මිය ගිය ගණන 1,139 ක්.

ඊයේ දිනයේත් ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

බටහිර ඉවුරට එල්ල කරන ලද ප්‍රහාර වලින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා බටහිර ඉවුරේ පුද්ගලයන් 343 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි වආර්තා වන්නේ.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේඛම් ඇන්ටනී බ්ලින්කන් ගාසා තීරයේ රඳවා සිටින ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් ක‍ර තිබෙනවා.

ඔහු සිය x ගිණුමේ සටහනක් දක්වමින් පවසා ඇත්තේ ප්‍රාණ ඇපකරුවන්ගේ දින 100 යේ වහල්භාවය දිගු වැඩි බවයි.

ගාසා තීරය දරුණු සාගතයකින් පෙලෙන අවස්තාවක ඊයේ දිනයේත් ගාසා තීරයට ආධාර රථ 230 කට වැඩි ප්‍රමාණයක් ඇතුළු කර ඇති බව ඊශ්‍රායලය පවසනවා.

ගසා තීරයට ආධාර රථ 273 යවා ඇති අතර ඉන් 80% කට වැඩි ප්‍රමාණයක ආහාර තිබූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජලය, වෛද්‍ය සැපයුම් සහ නවාතැන් උපකරණ ද ඒ අතර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News