කොළඹට එන අලුත්ම බස් සේවාව

Share

කොලොම්පුර චාරිකා” නමින් සංචාරකයින් සඳහා විශේෂ බස් රථ සේවාවක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සැළසුම් කර තිබෙනවා.

එම බස්රථ කිහිපයක් ඊයේ (17)ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ නිරීක්ෂණයට ලක්විය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය් වසර 66ක ඉතිහාසය තුල ප්‍රථම වරට විදේශ සංචාරකයින් හා සංචාරයන් සඳහා ඇල්මක් දක්වන ශ්‍රී ලාංකිකයින් මුල් කරගෙන දිවයිනේ ඇති සංචාරක කලාප ආවරණය වන පරිදි මෙම විශේෂ බස්රථ සේවාවක් සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News